ඔන්න දැන් නාග අඩවියේ යක්කු ගස් නගින වෙලාව....කොහොමහරි මිනි මැරතන් එකත් දිව්වා එහෙනම්....
ඒක අතර තව සමහරු මඩ මැරතන් එකකුත් දිව්වා කියලා තමා ආරංචිය (ඔන්න ඕවට මම් නම් නෑ...මම ඉතින් කොහොමත් අහිංසකයා නේ)

මේ රෑ නිදිමතේ මොනා ලියවෙයිද මන්ද....ඒ හින්දා මැරතං එක ගැන වැඩි විස්තර පස්සේ ලියන්නම් ;)

ලියන්න දෙයක් මතක් වෙන්නෙත් නෑ නේ,.,,,,එතකොට තමා මේක මතක් උනේ...
මං ළග තියෙනවා පරණ I/O කාඩ් එකක්...486 වගේ පරිගනක වල I/O කාඩ් ISA කාඩ් එකක් විදියට වෙනම ගහන්න ඕනෙ...ඒ කියන්නෙ ..IDE/Floppy/Serial/Parallel/Joystick භාවිතය සදහා....
දැන් ඉතින් ෆයර්වයර් හිටන් ඔන් බෝඩ් නෙ.....

මෙන්න මේ වගේ I/O කාඩ් එකක් තමා මං ළග තියෙන්නේ...(දැන් ඉතින් අහන්න එපා ඕක කෝ ටූ එකට ගහන්ද ඉන්නේ කියලේ...මේකේ ISA නෑ නේ)

උපුටා ගැනීම :http://stason.org/TULARC/pc/hard-disk-floppy-controllers/P-R/PC-WARE-INTERNATIONAL-INC-Two-IDE-AT-Interface-dri.html

දැන් වේලාව 0600 GMT :P

ඔන්න සුපිරි නාගයා ගෙන් තවත් සුපිරි නිව්ස් එකක්....
දැන් ලොව වේගවත්ම සුපිරි පරිගනකය තමා IBM රෝඩ් රනර්... වේගය පෙටා ෆ්ලොප්ස් 1.7 ක්ලු
මීට කලින් හිටිය IBM Blue Gene/L ව මෙයා පැරැද්දුවා....

වැඩි විස්තර....

http://en.wikipedia.org/wiki/IBM_Roadrunner
http://en.wikipedia.org/wiki/TOP500
http://www.top500.org/

මම මේ ටිකක් ලිව්වේ දැන් ඉතින් මහ රෑ නේ...වැඩියේ ලිව්වොත් අරහං වෙන්න පුලුවන :P

වේලාව 2315h ; මේ නාග අඩවියයි....

දැන් නම් ලියන්න අදහස් එන්නෙත් නෑ,,,ඒක හින්දා මේක කෙටි සටහනක්

අද මම උදේ පාන්දරම කොන්ඩේ කපන්න ගිය වෙලාවේ දැක්ක දෙයක් මේ...
ආබාධිත කෙනෙක් රු500ක් 10,20 කොලවලින් ගෙනත් බාබර් සාප්පුවේ මුදලාලිට දුන්නා මාරුකරලා දෙන්න කියලා...
බලද්දී එතන රු520 ක් තිබිලා...මුදලාලී රු500 ය මාරු කරලායී ඉතුරු රු20යි ආපහු දුන්නා...
මට එතකොට හිතුනා ලංකාව කොච්චර පිරිහිලා කිව්වත් තාම සත්‍යගරුක යුක්තිගරුක මිනිස්සු ඕන තරම් ඉන්නවා කියාලා... ;)

ඔන්න වෙලාව රෑ11 යී....යක්කු ගස් නගින්නත් ළගයි....මැරතන් දුවන අන්තිම පැය..

දන්නේ නැති මගුල් ලියනවට වඩා දන්න එක ලියන් ඉන්න එක හොදයි....
කට්ටිට දන්නවාඅ නේදා "නිකොලා ටෙස්ලා"...මෙයා නැත්නම අද අපිට ගෙවල් වලට විදුලිය නෑ...
විස්තර මෙතැනින්... http://en.wikipedia.org/wiki/Nikola_Tesla

දැන් කියන්න යන්නෙත් ඒවගේම කතාවක්...
nVidia සමාගමේ අලුත් වැඩක් ගැන්...මෙහිදී PCIe බසයක් දුවන විශේෂ GPU එකක් මගින් සාමන්‍ය දත්ත සැකසීම තමා සිදුවන්නේ..

ගිගාෆ්ලොප්ස් 2074 දක්වා ඒවා තියනවා කියලායි විකිපීඩියා එකේ සදහන් වෙන්නේ...
මට නම් පේන්නේ මේක නව යුගයක ආරම්භය වගේ...

තමන්ගේම සුපිරි පරිගනකයක් තියෙනවට කවුද ඉතින් අකමැති.... ;)

nVidia වෙබ් අඩවියෙන් ; http://www.nvidia.com/object/tesla_computing_solutions.html
"The world’s first teraflop many-core processor
NVIDIA® Tesla™ computing solutions enable the necessary transition to energy efficient parallel computing power. With 240 cores per processor and based on the revolutionary NVIDIA® CUDA™ parallel computing architecture, Tesla scales to solve the world’s most important computing challenges—more quickly and accurately."

වැඩි විස්තර ;)

http://www.nvidia.com/object/tesla_computing_solutions.html
http://en.wikipedia.org/wiki/NVIDIA_Tesla
http://www.nvidia.com/object/product_tesla_c1060_us.html

ඔන්න 10:45යි...
දැන් නම් මතුසම්බන්ධ කතාව ලියන්න තියා....පාන් කියලා වත් ලියන්න අදහස් එන්නේ නැ.....දැන් ඕවර් ක්ලොක් කරලාත් ඉවරයි....ආ මට අමතක උනා කියන්න..
nVidia Testla කියලා එකක් තියෙනවා...11ට ඒක පිලිබද බලාපොරොත්තු වන්න...

දැන් කථාවේ ඉතුරු ටික...
කලින් අවස්ථාවට අදාල කට්ටියට වෙන්නේ අවු.20 වගේ වෙද්දි ළමයින්ට කන්න දෙන්න කුමන හෝ රැකියාවක් කරන්න වෙන එක......

දැන් 2 වැනි අවස්ථාව.....

සමහර කෙල්ලෝ මාර කට්ටයි...
කොල්ලොන්ව ගොනාට අන්දලා ඕන දේවල් ඔක්කොම කර ගන්නවා...අනේ අපේ මෝඩ මිත්‍රයක් කෙල්ල අවංකවම ආදරේ කරනවා කියලා කියන කියන ඔක්කොම කරලා දෙනවා....(මේකට කියන්නේ බොරු හෝෆ්ස් දීම කියලා)
අනේ ඒත් අන්තිමට කෙල්ල හොදට වැඩ කරලා කැම්පස් ගිහින් වෙන කොල්ලෙක් එක්ක යාලු වෙලා අපූරුවට ඉන්නවා...
කලින් කොල්ලෙක් හිටියේ නෑ වගේ...
ඒත් අපේ මිත්‍රයාට මොකද වෙන්නේ?උ.පෙ. ත් කෙල කරන් මුලු ජීවිතේම අවාසනාවන්ත කර ගන්නවා....

~ මතු සම්බන්ධයි ~

හෆොයි මටත් ඉදලා ඉදලා මාර දේවල් තමා හිතෙන්නේ....මේ මහ බැරෑරුම් මාතෘකාවක්.....මට පොඩි අදහස් ටිකක් ගොනු කරන්න හිතුනා....
අපි පොඩි කාලේ කෙල්ලො කොල්ලො කියලා කිසි ගානක් නෑ...ටිකින් ටික වයසින් වැඩෙද්දී ;ඔන්න 8,9 වගේ වසරෙදී අපිට ගෑනු ළමයි ගැන විශේෂත්වයක් පේන්න පටන් ගන්නවා...(අද කාලෙනම් ඊටත් කලින්)
සමහර වෙලාවට සමහරු එක ගෑනු ළමයෙක් ගැන විශේෂත්වයක් දක්වන්න පටන් ගන්නවා....
ගොඩක් අය ඒක පාලනය කරගෙන ඉගෙනීමේ වැඩ කළ සමහරුන්ට සියල්ලටම වඩා මේක වැදගත් තත්වයට පත්වෙන වෙලාවල් නැතුවාම නොවේ....
ඉතින් මොකද වෙන්නේ ඔය වයසෙදීම කිසිම ජීවිතේ ගැන බරපතලක් තේරෙන්නෙත් නැතුවම දෙන්නා දෙන්නා යාලු වෙනවා...

සා.පෙ. (සුදාරකට අනුව සාපය) කාලේදී එහෙම ඕවා බොහොම බරපතල තත්වෙට පත්වෙනවා...ඉතින් මොකද වෙන්නේ වැඩි තේරුමක් නැති අය ඕවා ගැනම හිත යොදවලා සා.පෙ. ඇත්තටම සාපයක් කර ගන්නවා.....
කොහොමහරි සා.පෙ. න් කෙල්ලත් සමග එගොඩවන කොල්ලොත් නැතුවම නෙවේ....
දැන් සා.පෙ. පාස් වුන එක ඔලුවට අරං උ.පෙ.ත් එච්චර තමා කියලා හිතනවා...
කෙල්ල එක්ක ක්ලාස් කට් කර කර රට වටේ යනවා...පෙම්බ්ස් දොඩනවා...අනාගතේ ගැන ගිතනවා....කෙල්ලෝ බෙදාගන්න කොල්ලෝ එක්ක ගහගන්නවා....(මේක තමා ජරාම වැඩේ...එක බත් එක බෙදන් කාලා ඉන්න උන් කොහෙවත් යන කෙල්ලො නිසා නයි පොලොංගු වෙන එක)

අන්තිමට උ.පෙ. දවසේ ප්‍රශ්න පත්තරේ අතට ගත්තම ලියන්න මතක් වෙන්නෙ...දොඩපු පෙම්බස් තමා...(ඒවට ළකුණු දෙන්නේ නෑලු නේ මේ මෝඩ පරීක්ෂක වරු...බලන්න ඒවා කොච්චර් සුන්දර ද මේ මෝඩ ගනන් වලට වඩා...කියලා ශාප් කලාට වැඩක් නෑ )

~ මතු සම්බන්ධයි ~

අපොයි කාලා වැඩි උනා නෙ...ඒ හින්දා මේ පොඩි සටහන තියන්නේ...පොඩි පරිගනක වලට ගැලපෙන බෙදාහැරීමක් ගැන....ඉස්මුරුත්තාව අඩු උනාම හොද හොද ඒවා ලියන්නම්...

මේකේ නම තමා Damn Small Linux (DSL)
මෙතැනින් ගන්න පුලුවන්....
http://damnsmalllinux.org/

50MB වගේ තමා iso එක වෙන්නේ...

9:15ට තවත් රසබර දෙයක් ලියන්න ඕන

අද කාලේ අපිට සමහර වෙලාවට මෙහෙයුම් පද්ධති කීපයක් භාවිතා කරන්න වෙන වෙලාවල් නැතුවාම නොවේ....
ඒකට පරිගනකය ප්‍රතිපනගන්වන එක මහ එපා කරපු වැඩක්,,,අනික එක වෙලාවේ මෙහෙයුම් පද්ධති කීපයක් කීපයක් භාවිතා කරන්නත් බෑ නේ,,,
මේකට හොදම විසදුම තමා ව්'චුවල් පරිගනක වල මෙහෙයුම් පද්ධති බාවිතය...හැබැයි මේකට RAM එක ටිකක් වැඩිපුර ඕන
මේ සදහා යොදාගන්න පුලුවන් වැඩසටහන් ගොඩක් තියෙනව,,,මම නම් කැමති Sun VirtualBox
http://www.virtualbox.org/

මේකේ ඉතාම පහසු අතුරු මුහුනත නිසා ඕන කෙනෙකුට බාවිතා කරන්නත් ලේසියී....

මෙන්න VirtualBox මත OpenSolaris දාවනය,,,

මේක මම වගේ වැඩියේ ගේම් ගහන්නේ නැති පොඩි VGA කාඩ් තියෙන අයට VGA කාඩ් එකේ හැකියාවන් වැඩි කර ගන්න පුලුවන් විදියක්...

ඉස්සෙල්ලම RivaTuner බාගන්න...
http://www.guru3d.com/index.php?page=rivatuner

ඊට පස්සේ එක පිහිටුවලා දුවවන්න....පහත පියවර අනුගමනය කරන්න....



මෙන්න මේකෙන් ඕව ක්ලොක් උන හැටි බලාගන්න පුලුවන්....
http://www.techpowerup.com/gpuz/

මම මගේ දුප්පත් Geforce 7200GS එකේ මෙහෙම කරලා අඩුම ග්රැෆික්ස් වලදී NFS Undercover 45fps විතර ගත්තා


කට්ටිය බලන්න ඇති මේ මොන විකාරයක්ද කියලා...
පරිගනකයේ සකසනය ඕව ක්ලොක් කලාම ස්ථාවරව ක්‍රියාකරනවද බලන එකට තමා මේ වද දෙනවා කියන්නෙ...එතකොට ඒක සම්පූර්ණයෙන්ම ලෝඩ් වෙනවා...
මේකට එක එක වැඩසටහන් තියෙනවා...මම භාවිතාකරන්නේ... ORTHOS.....
මේවා කරලා ගිනි ගත්තොත් වග නොකියනු ලැබේ...
IntelBurnTest එක නම් මහා භයානකයී ...සකසනය/මව් පුවරුවට සදාකාලිකව හානි වෙනවලු...

ORTHOS = http://www.techpowerup.com/downloads/385/


ඉන්ටෙල් මව්පුවරු වල ඕව ක්ලොක් කරන්න බෑ නේ...අඩු ගානේ බස් ස්පීඩ් වත් වෙනස් කරන්න බෑ නේ...
ඒකට පොඩි විසදුමක් තියෙනවා...ඒත් වෝල්ටේජ් වෙනස් කරන්න නම් බෑ...

මුලින්ම මේ වැඩසටහන බාගන්න
http://www13.plala.or.jp/setfsb/

ඊට පස්සේ PLL එක දැන් ගන්න ඕන්...මේක තමා ම්ව්පුවරුවේ Crystal එක ලග තියෙන චිප් එක...
නැත්නම් අන්තර්ජාලේන් හොයා ගන්නත් පුලුවන්....
මම භාවිත කරන Intel DG33FB පුවරුවේ නම් SLG505YC256BT

දැන් වැඩේ හරි ලේසි...බාර් එක ඇදලා ස්පීඩ් සකසන්න...
මව් පුවරුව සහාය දක්වන බස් සිපීඩ් එකට වඩා දැම්මොත් රීස්ටාට් වෙයි.. ;)




මේ දවස් වල කරන්න හොද විනෝදාංශයක් නැත්නම් රු6000ක් විතර් වැඩියෙන් තියනවනම් මෙන්න වැඩක්

නොමිලේ විකාශනය කරන චන්ද්‍රිකා රූපවාහිනී නාලිකා බලන්න ඕනෙ වෙන්නේ පොඩි දේවල් ටිකක්....

Ku band LNBF
60cm Dish
DVB FTA Reciver

මේ ටික අරං නිසි පරිදි සවිකරලා චන්ද්‍රිකාවකට ඩිෂ් එක කරකවන්න ඕන...
මෙයට www.dishpointor.com සහ www.lyngsat.com;තව www.satlk.com
වලින් අදාල විස්තර ගන්න පුලුවන්.....

මෙන්න මේ පිලිබද අගනා ලිපියක්
http://sinhala.kalingasblog.com/2008/07/13/how-satellite-tv-works/

මම දැනට Insat 4B,Nss6,AsiaSat 3,Edusat,Intelsat 12,Protostar 1 බලලා තියෙනවා
Insat 4B = දූර්දර්ශන් ආදි
AsiaSat 3 = ඉරාන නාලිකා
Edusat = මේකේ චැනල් ඇයි සහ දුරස්ත ඉගෙනුම්
Intelsat 12 = ද බුඩිස්ට් පමණි
Protostar 1= රූපවාහිනී,ITX,TVLanka....ලාංකික ඒවා

මට හදිසි දුරකතන පණිවිඩයක් ආවනේ ;)

Sabayon Linux (සේබයොන් ලිනක්ස්) කියලා මට අලුත් ලිනක්ස් බෙදාහැරීමක් හම්බ උනා...මේක ජෙන්ටූ මත පදනම් වූ එකක්...හොදයි කියලා හිතුන හින්දා බානවා.... 71% දැනට...58kbps...

http://distrowatch.com/5263

©Nagaya 2004 - Released as GPL 2.0

Begin of Script _______>

#/bin/bash
#su -
#mkdir /root/dialin
echo "Please enter your path to Mgetty rpm : "
read mgpath
echo "Mgetty source path is" $mgpath
rpm -Uvh $mgpath
echo "Please enter your modem port (without /dev) :"
read mdname
echo "We are going to use modem on /dev/"$mdname
echo "debug 2" > /etc/mgetty+sendfax/mgetty.config
echo "port "$mdname >> /etc/mgetty+sendfax/mgetty.config
echo "Please enter speed of your modem [or 57600 for 56K modems]"
read mdspd
echo -e debug 6"\n"data-only y"\n"speed $mdspd >> /etc/mgetty+sendfax/mgetty.config
echo "We are going to use AutoPPP"
echo "/AutoPPP/ - - /etc/ppp/ppplogin debug" > /etc/mgetty+sendfax/login.config
chmod 600 /etc/mgetty+sendfax/login.config
echo S2:2345:respawn:/sbin/mgetty $mdname -D /dev/$mdname >> /etc/inittab
init q
echo "Please enter your Hostname ,may be:";hostname
read hostn
echo "Please enter your IP ,may be:";hostname -i
read hostip
#hostname $hostn
#hostname $hostip
echo -e lock"\n"-detach"\n"crtscts"\n"asyncmap 0"\n"modem"\n"ms-dns $hostip"\n"debug 6"\n"ns.$hostn:ppp0.$hostn"\n"idle 180 > /etc/ppp/options
echo -e mesg n"\n"stty -echo"\n"/usr/sbin/pppd silent auth -chap +pap login > /etc/ppp/ppplogin
chmod 744 /etc/ppp/ppplogin
echo -e lock"\n"-detach"\n"crtscts"\n"asyncmap 0"\n"modem"\n"ms-dns $hostip"\n"debug 6"\n"ns.$hostn:ppp0.$hostn"\n"idle 180 > /etc/ppp/options.$mdname
echo "* * "\"\"" 172.16.4.1" >> /etc/ppp/pap-secrets
chmod u+s /usr/sbin/pppd
echo $hostip" "$hostn" ns."$hostn" www."$hostn" mail."$hostn >> /etc/hosts
echo "172.16.4.1 ppp0 user modem user."$hostn" ppp0."$hostn" modem."$hostn >> /etc/hosts
echo -e NETWORKING=yes"\n"FORWARD_IPV4=yes"\n"HOSTNAME=$ho stn"\n"DOMAINNAME=$hostn > /etc/sysconfig/network
echo "Set up completed ! Have fun"
echo "User useradd & passwd to add new users"

ඔන්න අපි ලිනක්ස් වලින් සෙල්ලමක් කලා...
මගේ ඉන්ඩටෙල් 537 මොඩෝමය බවිතා කරලා ඩයල් ඉන් සේවරය‍ක් හැදුවා....mgetty භාවිතයෙන්////
ඊට පස්සේ ඇපෑෂ් දාලා වෙබ් සේවරයක් හැදුවා...තව FTP සේවරයකුත්...
ඉතින් ඒකාලේ ..අපිට VPN එහෙම කරන්න ADSL එහෙම නෑ නේ...මම ඉතින් යාලුවොත් එක්ක...ඔය විදියට තමා ගොනු එහෙම හුවමාරු කලේ....දවසක් යාලුවෙක්ට හදිසියේ ඉන්ටනෙට් ෂෙයාත් කලා..

මගේ යාලුවෙක්ගෙත් මේ විදියේ සේවයක් අටවලා...ට'මිනල් එකට ලොග් වෙලා...සී ඩී රොම් එහෙම මෙහෙ ඉදගෙන ඇරලා තව විකාරයක් කලා...

ඩයල් ඉන් සේවර් එකක් ලේසියන් හදාන්න මම ෂෙල් ස්ක්‍රිප්ට් එකක් ලිව්වා...ඒක මම වෙනම පෝස්ට් එකක දාන්නම්....
ඒක ඉංග්‍රීසියෙන්නේ තියෙන්නේ ;)

2004 දී මම ලංකා ලිනක්ස් සමූහයට සම්බන්ධ උනා..www.linux.lk
එතනින් සහ අන්තර්ජාලයෙන් තමා ලිනක්ස් ගැන ගොඩක් දෑ ඉගෙන ගත්තේ...
ඒ කාලේ මම කැමතිම Knoppix වලට..මේක ඩේබියන් මත පදනම් වූ බෙදාහැරීමක්....
LiveCD එකක් විදියට ආවත් පිහිටුවන්නත් පුලුවන්//.
මම ඒක රීමාස්ට කරලා මගේ ඉන්ටෙල් 537 මොඩමයට සහාය දක්වන පරිදී සකසා ගත්තා...
ඒ කාලේ අපි ඉතින් ඩයල් අප් නේ...
ඊට පස්සේ මම කලේ...ලිනක්ස් පමණක් පිහිටුවා ගැනීම...ඒ කියන්නේ 3.1 සංස්කරණයේ ඉදන් පාවිච්චි කරපු වින්ඩෝස් සම්පූරණයෙන්ම අයින් කිරීම...

ඔය කාලෙදි තම අනුරාධ රත්නවීර අයියල ලිනක්ස් සිංහලට සහාය දැක්වීමට හා පරිවර්තනය ඇරඹුවේ...මාත් ආසාවට වැඩසටහන් 2ක් 3ක් පරිවර්තනය කලා...

ලිනක්ස් සමග කල සෙල්ලම් මී ලග කොටසින් බලාපොරොත්තුවන්න.....

ඔන්න මම දැන් දිග කතාවක් කියන්න යන්නේ...කට්ටිය හොදට හරි බරි ගැහිලා ඉදගන්න කතාව අහන්න ;)
මම මුලින්ම ලිනක්ස් ගැන් දැන් ගත්තේ ඔය එක එක පත්තර වල ලිපි වලින්...ගොඩක්ම විජය පරිගනක සගරාවෙන්....මම පොඩි කාලේ හැම මාසෙම ඒක ගන්නවා...
කොහොම හරි 2003 දී ඒ කියන්නේ මම 9 වසරෙදි තමා මුලින්ම ලිනක්ස් දැම්මේ...එක සීඩී කඩේක තිබිලා බොහොම අමාරුවෙන් ඒකත් හොයා ගත්තේ...ඒ තමා මැන්ඩේර්ක් 9;;ඒ කාලේ මට තිබ්බේ Pentium MMX 233Mhz,96MB Ram,2.1GB HDD පරිගනකයක්....ඇත්තටම කියන්න ඕන...ඒකෙ හැටියට ඉතාම හොදින් වැඩ කලා...ඊලගට මම සුප්‍රසිද්ධ රෙඩ් හැට් 9 හොයාගෙන දාලා බැලුවා...හැබැයි මැන්ඩේර්ක් 9 තරං අල්ලලා ගියේ නෑ....
තව මට SLLinux කියලා රෙඩ් හැට් 9 පදනම් කරගෙන හදපු ලිනක්ස් බෙදා හැරීමක් හම්බ උනෙත් ඔය කාලෙමයි...

කතාවේ ඉතුරු ටික බලාපොරොත්තු වන්න .....

ඔන්න දැන් මං මැරතන් පටන් ගන්න යන්නේ,,,මාර වැඩේ කියන්නේ මට හොදටම නින්ද ගියානේ,,,දැන් තමා ඇහැරුනේ..
වර්චුවල් පීසී,ගූගල් ටෝක් ඔක්කොම දාලා තමා නිදා ගෙන තියෙන්නේ....ගනන් ගන්න එපා මට පොඩ්ඩක් පිස්සුනේ....

මේ දවස් ටිකේම මම සේවර් එකට ඒවා මේවා වැඩ කෑලි දාන්න තමා බලන්නේ.අද අලුත් වැඩක් කලා...
FreeNAS වල එනවා DAPP සේවර් එකක්;නම Firefly Media Server,,;,Apple iTunes භාවිතා කරන ප්‍රොටෝකෝල් එක මේක තමයි...
මේකෙන් අපිට ඕන ශ්‍රව්‍ය ගොනු සේවර් එකේම තබා ගෙන තමන්ගේ පරිගනක ජාලය තුලදී පමණක් සවන්දිය හැකි...

ඉස්සෙල්ලාම FreeNAS අතුරු මුහුණතේ Services -> iTunes/DAPP මගින් සේවර් එකට ගොනු ඇති තැන එහෙම සැකසුම් සාදන්න....එච්චරයි....

මම නම් මේ ආකාරයට සින්දු අහන්න භාවිතා කරන්නේ SongBird (http://getsongbird.com/).මෙය ඉතා අනගි විවෘත කේත මීඩියා ප්ලේයරක්...එයට DAPP ප්ලගිනය දාලා ගත්තම හරී
(මෙතැනින් : http://addon-files.songbirdnest.com/xpis/2768/daapclient-0.0.3.xpi)

දැන් ඉතින් නිකන් තියෙන සේවරයෙන් ගෙදර ඕන තැනක ඉදලා හිතේ හැටියට සින්දු අහන්න පුලුවන්...

මම නම් සේවර් එකට කෝකටත් 4GB Flash එකකුත් සවිකරලා සැකසුම් දුන්නා....
ඕන නම් සින්දුවක් දාගෙන ආපු වෙලාවට කෙලින්ම සවිකරලා ගන්න පුලුවන්නේ (ipod,mp3 player වලටත් හොද අදහසක් )


මම මේ කල්පනා කරන්නේ විවෘත කේත මෘදුකාංග නැතුව අපි කොහොමද ජීවත් වෙන්නේ ? කට්ටිය මොකද කියන්නේ ?

අපොයි Freenas තිබ්බ එක අවුල් උනා නේ,දැන් මම පී2 එකකට මාරු කලා...ආයේ දාන්න උනේ නෑ....ඒකම වැඩ කලා....මම දැන් ඉන්නේ වින්ඩෝස් එපා වෙලා......වෙන වෙලාවක විස්තර කියන්නම්....

ඔන්න ඉතින් ගොඩක් කාලෙකින් මම මේ වියුණ ලියන්නේ....පසුගිය කාලේ හෝ ගාලා වැඩ තිබ්බ නිසා ඒකට වෙලාවක් තිබ්බෙත් නෑ නොවැ....
ඉතින් තව ටිකෙන් ලියන්න ගිය කාරණෙත් අමතක වෙනවා.....

මම සාමාන්‍ය වැඩ වලට පාවිච්චි කරන්නේ Core 2 E7200 සකසනයක් තියෙන පරිගනකයක්...ටොරන්ට් බාන්න Pentium-MMX එකකට වින්ඩෝස් 2000 දාලා 20GB දෘඪ තැටියක් තමා භාවිතා කලේ (මම ඒක ගත්තේ 1998/04/28 මගේ මුල්ම පරිගනකය)....පහුගිය කාලේ ඒක අවුල් උන නිසා මේකෙන්ම තමා ටොරන්ට් බෑවේ...මේක ඉතින් මුලු රෑම දාලා තියෙනකොට නිකන් ලී මෝලක ඉන්නවා වගේ,...
මේ වැඩෙන් වෙන්නේ මම නිකම්ම ලෙඩෙක් වෙන එක නිසා අරක හදලා ගන්න ඕන කියලා හිතුනා...ඉස්සර මම එකේ පාලනයට බාවිතා කලේ VNC + uTorrent Web UI;ඒ උනාට වින්ඩෝස් වලින් දෘඪ තැටිය ෂෙයා කලාම මාර හිම්න් තමා වැඩ....

මම අලුත් මුහුනුවරක් දෙන්න හිතුවා ඉතින්...මුලින්ම මම කල්පනා කලේ ලිනක්ස් රීමාස්ටර් කරලා ගන්න...(මම knoppix එහෙම පොඩි කාලේ රීමාස්ට කලා) උබුන්ටු 6.06 ගැන මුලින්ම හිතුවත් ඒ වැඩේ අතහැරියා.පස්සේ අන්තර්ජාලේ වල්මත් වෙලා ඉද්දී තමා FreeNAS හම්බුනේ...මේක FreeBSD මත පදනම් උන සේවර් OS එකක්...පස්සේ හැමදාම වගේ කාලිංග අයියාගෙන් නිකමට අහද්දී එයාත් ඒක 2TB තොරතුරු ගබඩාවක භාවිතා කරනවලූ/.(හෆොයි....මගේ තාම 500GB :( )

අන්තිමට හිත හදාගෙන 50MB ISO එකා බාගත කරලා CD-RW එකකට දමා ගත්තා...හිතුවට වඩා සරලව පිහිටුවා ගන්න පුලුවන් උනා....ඊට පස්සේ තමා මරු වැඩ ටික උනේ..
ඒකේ සැකසුම් වල දෘඪ තැටියේ පාටිෂන් තෝරද්දී හදිසියට ඒ RAID සැකසුම් කියලා හරියට තෝරලා නෑ....මේක ගැන කාලිංග අයියටත් සුපුරුදු පරිදි කරදරත් කලාට පස්සේ තමා වැඩේ දැක්කේ...මටම හිනා...
මේකේ Torrent Client එක Transmission + WebUI .... ඔක්කොම Samba,NFS සේවරත් සකසලා පණ්ඩිතයා වගේ දැම්මා ටොරන්ට් එකක්...බලන් ඉන්නවා, බලන් ඉන්නවා තාම 0% යි.....
පොඩ්ඩක් හොයලා බලද්දී තමා දැක්කේ DNS සැකසුම් හදලා නැති වග....ඒකත් හදලා බැලුවා....මෙන්න බොලේ බබා වගේ වැඩ....

මෙන්න WebUI එකේ තිර පිටපත් කීපයක්...



සම්බන්ධවන්න...

ඔබේ ඊමේල් ලිපිනය:

FeedBurner වෙතින් ඔබ වෙත

Subscribe in a reader

මම ගැන....

බුද්ධික
View my complete profile

පාඨක පිරිස

ලිපි වර්ග..

Blogumulus by Roy Tanck and Amanda Fazani

පැරණි ලිපි...

වෙනත් සටහන්....

කියවන්න වටිනා ලිපි....