මේ තියෙන්නෙ මම ගත්ත තවත් විකාර ඡායාරූපයක්,ඔයාලට හිතෙන දේ සටහන් කරලා යන්න ;)
(ලොකු කරලා බලන්න මේක උඩ click කරන්න)
අපිට සමහර වෙලාවට තත්පර ගණනක් පැය,විනාඩි,තත්පර වලින් ලියන්න වෙනවා,60න් බෙද බෙදා ඉන්නෙ නැතිව ලේසි ක්‍රමයක් කියන්නයි මම යන්නෙ,මේකට මම පාවිව්වි කරන්නෙ Cal එකේ අංශක,කළා,විකළා වලට තියෙන function එක,ඒක මේකටත් පාවිච්චි කරන්න පුලුවන් දෙකම 60ටේ ගුණාකාර නිසා,
මේ තියෙන්නෙ කරන විදිය,සුදු පාටින් රවුම් කරලා තියෙන්නෙ අදාල key එක.
උදා: 0
0
34189
AC මගින් 9hrs 29 min 49 sec ලබාදෙනවා ;)
Sony Ericsson භාවිතයෙන් පරිගණකයට අන්තර්ජාල පහසුකම් ඉතාමත් ලේසි දෙයක්,අපිට හදිසියකට අන්තර්ජාලේ සැරිසරන්න ඕනි උනාම හරි දිගටම HSDPA වගේ භාවිතාකරන්න උනත් වෙනම modem සල්ලි දීලා ගන්න ඕනි නෑ,HSDPA නැතිනම් දුරකතනයේ UTMS(3G) , EDGE හෝ GPRS භාවිතා කරන්න පුලුවන්,
මේකට ඉතින් ඔක්කොටම කලින් Sony Ericsson Modem driver එක දාගන්න ඕනි.මේක වෙනමත් තියෙනවා හොයාගන්න(phone CD එකේ තියෙනවා ගොඩක් වෙලාවට),එහෙම අමාරුම නම් Sony Ericsson PC Suite එක දාගන්න(ඕනි නැති ඒව ගොඩක් එක්ක),නැත්නම් වින්ඩෝස් වල Online Search කරලා install කරගන්න option එක දෙන්න.
දැන් පොඩි දෙයක් බලා ගන්න තියෙනවා,යන්න ෆෝන් එකේ Settings Menu එකට
ඊට පස්සේ Connectivity Sub menu එකට,සමහර දුරකතන වල මේක තියෙන්නෙ Main menu එකේමයි,Settings ඇතුලේ නෙවේ,(K300i වගේ ඒවගේ)
දැන් යන්න Internet Settings වලට
ඒකේ Connect using එක ඇතුලට යන්න
දැන් අවශ්‍ය Data Account එක select කරල options යන්න
ඒකේ View select කරන්න
දැන් එන විස්තරේ External ID එකට තියෙන අංකය මතක තියාගන්න,අපි ඒක x කියල හිතමු,
මේ අවස්ථාවේ නම් x=8
දැන් ඉතින් ආයේ ඔක්කොගෙන්ම ඉවත් වෙන්න,Data Cable එක සවි කරන්න.මේ වගේ Menu එකක් ආවොත් Phone mode select කරන්න.
දැන් යන්න Control Panel -> Network & Sharing Center
ඒකේ යන්න Setup a connection or a Network,Set up a dial-up connection තෝරන්න.
එතකොට අහයි Modem එක මොකක්ද කියලා,ඒකට දෙන්න Sony Ericsson කියල එන එක.
Next කරන්න
Dial up phone number එකට දෙන්න *99***x#
මේ x කියන්නෙ අපි අර බලාගත්ත x,මේ වෙලේ නම් x=8
දැන් ඉතින් සාමාන්‍ය විදියට Dial up connection එකක් වගේ පාවිච්චි කරන්න පුලුවන්,
අලුත් Sony Ericsson දුරකතන වල තව විදියක් තියෙනවා,ඒක ඊළග ලිපියෙන් කියලා දෙන්නම් :)
ගොඩක් කාලෙකින් වියුණ ලියන්නත් බැරි උනානේ,මේකත් ලියන්නේ මොහොම හදිසියෙන්,
අපි හැමෝටම පුරුදු MP3 ID3 ගැන තමා මේ කියන්න යන්නෙ;ගායකයාගේ නම,ගීතයේ නම ආදී දේවල් තමානේ මේ ආකරයට තියා ගන්නෙ(වැඩි විස්තර : http://en.wikipedia.org/wiki/ID3)
මේ කියන්න යන්නේ හදිසියේ වෙච්ච දෙයක් ගැන,මට ගීතයක් හම්බුණා සිංහලෙන් MP3 ID3 තියෙන,
නිකමට ජංගම දුරකතනයට දාල බැලුවා,අපූරුවට වැඩ,(රෙන්ඩරින් පොඩ්ඩ්ක් අල තමා ඉතින් ;) )
මේ තියෙන්නේ තිර පිටපතක්,ජංගම දුරකතනයට සිංහල දාල තියෙන අය කරලා බලන්නකෝ,නිවාඩු තියෙන වෙලාවක ආයේ ලියන්නම් ;)
අපිට සිංහල හා ඉංග්‍රීසි භාවිතයේදී තියෙන ලොකුම අඩුවක් තමා යන එන ගමන් පාවිච්චි කරන්න ඉංග්‍රීසි-සිංහල ශබ්ද කෝෂයක් නොමැතිවීම.
මම අද නිකන් කැරකි කැරකි ඉද්දී නිකමට හිතුනා අපූරු අදහසක්...
ඒ තමා කාටත් හුරු පුරුදු මධුර ඉංග්‍රීසි-සිංහල ශබ්ද කෝෂයේ අන්තර්ජාල සංස්කරණය ජංගම දුරකතනයෙන් පාවිච්චි කිරීම
www.maduraonline.com වෙතට ජංගම දුරකතනයෙන් යාමෙන් මෙය පාවිච්චි කරන්න පුලුවන්.
ජායාරූප දර්ශනය නවත්වන එක ඇගට හොදයි ;) (නැත්නම් ලොකු බිලක් යයි)
ජංගම දුරකතන වලට සිංගල දාන්නේ මෙහෙමයි ;)
http://adaviya.buddika.com/2009/03/blog-post_24.html
මෙහෙම සිංහල දාන්න බැරි අයට Opera Mini එකේ about:config ගිහින් Rendering complex fonts at server කියන එක enable කරා නම් පුලුවන් ලේසියෙන්ම(හැබැයි එතකොට ඒව පින්තූර විදියට එන නිසා ගාන ටිකක් වැඩියේ යයි)
මේ තියෙන්නෙ මගේ ජංගම දුරකතනයේ තිර පිටපතක් ;)
මේ මම නාග බුද්ධික,කට්ටියට මතක ද මන්දා,මට මේ එක එක වැඩ නිසා කාලෙකින් වියුණ ලියන්න බැරිඋනා නේ,මාසකින් විතර මං හිතන්නේ....අර අපේ ගයාන් මලයගේ වගේ ලැප කැඩිලා එහෙම නෙවේ,අපි කවදත් ඩෙස්ක්ටොප් නේ ඉතින් ;)
ඔන්න ඉතින් මාත් හා හා පුරා කියලා අලුත් මාසෙ අලුත් වැඩකට අත ගැහුවා....
මලින්ත මලයා තමා අදහස දුන්නේ.මම අලුත් ඡායාරූප වියුණක් පටන් ගත්තා...පටන් ගත්තා කීවට පොඩියට තමා....අපිට කොයින්ද ඉතින් ලොකු ලොකු DSLR :(
මෙනැනින් බලන්න පුලුවන් ;) www.buddika.com
මලින්ත මලයාගේ එක මෙතැනින් බලන්න පුලුවන්,මේකට ඉතින් මටත් ඉදලා ඉදලා wordpress ම බහින්න උනානේ ;)
මගේ අනික් වියුණ වලට වගේම මේකටත් මම ඔයාලගේ ප්‍රතිචාර බලාපොරොත්තු වෙනවා, ඒ කියන්නෙ ගල් මුල් උනත් කමක් නෑ
මාව තාමත් twitter එකෙ follow කරන්නෙ නැති අයට මෙතැනින් සම්බන්ද වෙන්න පුලුවන්,අලුත් පෝස්ට් ගැන දැනගන්න එහෙම ;)
තව ටිකෙන් අමතක වෙනවා කියන්න,අලුත් ආරංචිය.කට්ටිය දැනටමත් දන්නවා ඇතිනේ ෆෙඩෝරා 11 නිකුත් වෙච්ච එක,ලිනක්ස් පිස්සෙක් විදියට මට ඉතින් මටත් ඉවසන්න බෑනේ,ඉක්මනටම 64bit iso එකම බාගත්තා.සුපුරුදු පරිදි KDE එක,සෑහෙන්න හොදයි වගේ.මං ඉන්නෙ ළගදීම හාවට වැඩේ දෙන්න ;)
මෙතැනින් ෆෙඩෝරා 11 ගන්න පුලුවන් :)
බලලා කියන්න කෝ එහෙනම් 2කේම හොද නරක ;)
Copyright 2009 - ~ බුද්ධිකගේ අඩවිය ~
Blogspot Theme designed by: Ray Creations, Ray Hosting.